History

පාසලේ ඉතිහාසය

එවකට අම්බලන්ගොඩ ජනතාවගේ ඉමහත් ආදරයට පත් අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි අනගාරික තිලකසේකර මැතිතුමාගේ අදහසක් මල්ඵල ගන්වමින් ප්‍රදේශයේ ජනහිතකාමී පිරිසකගේ ද නොපසුබට උත්සාහය මත 1986 පෙබරවාරි මස 11 වන දින පී. ද එස්. කුලරත්න විද්‍යාලය ආරම්භ විය. රටට ජාතියට විශේෂයෙන් ම ලාංකීය අධ්‍යාපන කෙකෙරයට අමරණීය සේවාවක් ඉටු කළ, එමෙන්ම මුළු රටේම ජාතික, ආගමික, වශයෙන් නිහඩ විප්ලවයක් ඇති කළ දිවංගත ශ්‍රාස්ත්‍රාචාර්ය පී.ද.එස්. කුලරත්න ශ්‍රීමතාණන් අනුස්මරණ කිරීම අරඹයා එතුමාගේ නමින් අප විද්‍යාලය නම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

1986-01-02 වන දින ගාල්ල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. කේ රූපසිංහ මැතිතුමා අතින් මුල්ගල්තබන ලද මුල් ගොඩනැගිල්ලේ වැඩ කටයුතු 1986.01.31 දින අවසන් කිරිමට හැකියාව ලැබී තිබුණි. 1986 පෙබරවාරි හත හා අට යන දෙදිනයන්හි අභිනවයෙන් ඉදි වූ ගොඩනැගිල්ලේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය පැවැත්වීම හා හීල දහවල සාංඝික දානය පිරිනැමීම සිදු කරන ලදි. ඉන් අනතුරුව 1986.02.11 දින ගාල්ල අධ්‍යාපන අධ්‍යක‍ෂ එච්.කේ. රූපසිංහ මහතා විසින් සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු එළැඹුණු සුභ මොහොතින් ආරම්භ කිරීමට කටයුතු කරන ලදි.
සිසුන් 65 දෙනෙක්ගෙන් සමන්ත පන්ති කාමර 5 කින් යතු  එක් ගොඩනැගිල්ලකින් පමණක් විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ආරමිභය සනිටුහන් විය. මෙම පංති නම් කර තිබුණේ අපේ ගෙවතුවල දක්නට ලැඛෙන සමන්, අරලිය, ඉද්ද, රෝස හා වතුසුදු යනාදී වූ මල්වල නමිනි. ආරම්භක අවස්ථාවකදී, විදුහල්පති තනතුරේ පෘථුල අත්දැකීම්වලින් පරිපූර්ණ වූ එමෙන්ම ළමා මනස හොඳින් හඳුනාගැනීමෙහි සමතෙකු වූ, සැබවින්ම දයාබර පියකු වශයෙන් දයාවංශ ගිනිගේ මහතා විදුහල්පති තනතුර හෙබවූයේ ය. පළමු ශ්‍රේණියේ පන්තිවල සිසුන්ගේ පන්ති භාරකාරත්වය දරන ලද්දේ වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු මෑණිවරුන් ලෙස හැඳින්විය හැකි ගුරු මහත්මීන් පිරිසක් විසින්ය. මෙම වකවානුවේදී විදුහලේ ගුරුමණ්ඩලය විදුහල්පතිතුමා ඇතුළුව හත් දෙනෙකුගෙන් සමන්විත වූ අතර මෙහිදී ප්‍රථම ගුරුමණ්ඩලය නම් වශයෙන් සඳහන් කිරීම වැදගත් යැයි සිතමු.

 


1. සී.එස්. පුණ්‍යසිරි මහත්මිය (නි.විදුහල්පතිනිය)
2. ඒ.කේ.ද සිල්වා මහත්මිය
3. ඒ.එම්.ඩී. ප්‍රේමසූරිය මහත්මිය
4. එල්.එම්. ගුණසේකර මහත්මිය
5. එච්.ඒ. අයි ද සොයිසා මහත්මිය
6. කේ.එල්. කුසුමාවතී මහත්මිය
කුලරුවන් පැමිණි මග ඒකාලෝක කළ විදුහල්පතිවරුන්ගේ නාම ලේඛනය හා විදුහල්පතිධූරය හෙබවු කාල
පරාසයන් පහතින් සඳහන් කරන්නෙමු.