Latest News

  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩක දිනේෂ් චන්දිමාල් මහතා විසින් විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම.... එක්දින, විස්සයි විස්ස හා ටෙස්ට් නායකත්වය දෑරු වත්මන් ශ‍්‍රී ලංකා කාණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් මහතා හා ස්පීඞ් ආයතනය එක්ව විද්‍යාලයේ වයස අවුරුදු 19 පහළ කාණ්ඩායමට ක‍්‍රිඩා උපකරණ ලබා දීම විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පාසල් පරිශ‍්‍රයේදී 2022 මාර්තු මස 28 වන දින සිදු විය.
  • 1986 පෙබරවාරි මස 11 වන දින ආරම්භ වූ පී.ද එස් කුලරත්න විද්‍යාලය 2022 පෙබරවාරි 11 වන දින 36 වන සංවත්සරය සැමරීම දානමය පුණ්‍ය කර්මයක් සමගින් සිදු කරයි.
Desarrollado por el Master Marketing Digital Top Position

Principal Massage

  • Category: Advance level
  • Published: Sunday, 13 February 2022 06:46
  • Written by Super User
  • Hits: 1704

 

 

 

 

මාගේ විද්‍යාලයේ වෙබ් පිටුවට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

කුලරත්න විද්‍යාලිය මාතාව අවුරුදු 35 ක් වැනි කෙටි කාලයක් තුළ පැමිණි ගමන්මග විද්‍යාලයට ආදරය කරන සියළුම දෙනාගේ අමන්දානන්දයට හේතුවනු ඇත. ළමුන් 3700 ක් පමණ අධ්‍යාපනය ලබන කුලරත්න විද්‍යාලය මාතාව සමස්ත ලංකාවේ පාසල් නාමාවලිය තුළ කෙටි ඉතිහාසයක් තුළ ශීඝ්‍ර වර්ධනයක් ලද අතර අතලොස්සක් වූ පාසල් අතරට එක් වූ අභිමානවත් විද්‍යාලයක් බව සඳහන් කරමි.

පසුගිය දශකයට අධික කාල පරාසයක් තුළ විද්‍යාලය, අධ්‍යයන මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් කිසියම් පරිවර්තනීය යුගයක් සනිටුහන් කළ බව අවිවාදාත්මකය.

 

එම සියල්ල එකිනෙක විස්තර නොකළත් විද්‍යාලය පිළිබඳ අවධානය යොමු කරන සහ ඒ පිළිබඳව විමසා බලන කිසිවකුටත් විද්‍යාලයේ වර්තමාන භෞතික සංවර්ධනය තුළ සෑම අංශයක ම ඇති වී තිබෙන සුවිශේෂී ප්‍රගතිය හඳුනා ගැනීමට ...අපහසු නොවනු ඇත. ඒ ඉතා අභියෝගාත්මක මෙන්ම අති දුෂ්කර හා ඉතා අවදානම් සහගත කාර්යයක් බව සිහිපත් කරමි.

කෙසේ වුවද විදුහල්පතිවරයා ලෙස කුලරත්න විද්‍යාලිය මාතාව වර්තමාන තත්ත්වය දක්වා රැගෙන ඒමට නායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ නිහතමානීව සතුටු වන අතර එම අභියෝගාත්මක කාර්යයේ දී නිරන්තරයෙන් මා සමඟ එකට අත්වැල් බැඳගෙන සිටි විද්‍යාලයේ නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරු, අංශ ප්‍රධාන ,ශ්‍රේණි සමායෝජක ගුරු භවතුන්ම ,සමස්ත ආචාර්ය මණ්ඩලයට ගෞරවනීය ස්තුතිය පුද  කර සිටිමි.

එමෙන්ම මෙම කාර්යයේ දී පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය, සුබපතන්නන් ,දෙමව්පියන් ,විද්‍යාලයේ දූ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව දැක්වූ අපරමිත සහාය කැපවීම ලබා දුන් ශක්තිය ද මාගේ ගෞරවය ආචාරය පුද කර සිටිමි.

කුලරත්න විද්‍යාලයීය මාතාවගේ වර්තමාන ප්‍රගතිය ඔබ හට සතුටක් නම්, විදු මව්ගේ කිතුගොස හදවතට දැනේ නම් එය ඔබට ආඩම්බරයක් නම් තව තවත් ඔබේ විද්‍යාලිය මාතාව ඉදිරියට ගෙන යාමට දායක වීම ඔබ සමග යුතුකමක් ලෙස කාරුණික සඳහන් කරමි.

විද්‍යාලයට සම්බන්ධ වර්තමාන පාසල් ප්‍රජාව මෙන්ම විද්‍යාලයට ආදරය කරන ආදී ශිෂ්‍යයන්තු ඇතුළු දෙස් ,විදෙස් සියලුම ආදරණීය සහෘදයින් ඔබගේ විදුමව් ට ඔබගේ සහය අවශ්‍ය මොහොතක් පසු කරමින් සිටින බව සිහිපත් කරන අතර ආදරණීය කුලරත්න විදු මවගේ නාමය තව තවත් ඉහළින් ඔසවා තැබීමට ඔබගේ දායකත්වය ලබාදෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

එය ඔබගේ ජීවිත කාලය තුළ ඔබ විසින් ඉටුකරනු ලබන ඉතා වටිනා යුතුකමක් සේම ඔබගේ අසීමිත ආත්ම තෘප්තිය සඳහා ද හේතු වනු නියත ය. එබැවින් විද්‍යාලය සමඟ සම්බන්ධව අවම වශයෙන් වචනයකින් හෝ විද්‍යාලය වර්තමාන ප්‍රගමනයේ කොටස් කරුවෙක් වන මෙන් නැවතත් සැමට ආරාධනා කර සිටිමි.ඒ් සඳහා අවශ්‍ය ඕනෑම විටෙක පෞද්ගලිකව මා හට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් හෝ අන්තර්ජාලය හරහා සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් සිදු කළ හැකි බව ද සඳහන් කරමි කාරුණිකව සඳහන් කරමි.

Login Form

Remember Me

       

Principal Massage

PRINCIPAL

මාගේ විද්‍යාලයේ වෙබ් පිටුවට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

කුලරත්න විද්‍යාලිය මාතාව අවුරුදු 35 ක් වැනි කෙටි කාලයක් තුළ පැමිණි ගමන්මග විද්‍යාලයට ආදරය කරන සියළුම දෙනාගේ අමන්දානන්දයට හේතුවනු ඇත. ළමුන් 3700 ක් පමණ අධ්‍යාපනය ලබන කුලරත්න විද්‍යාලය මාතාව සමස්ත ලංකාවේ පාසල් නාමාවලිය තුළ කෙටි ඉතිහාසයක් තුළ ශීඝ්‍ර වර්ධනයක් ලද අතර අතලොස්සක් වූ පාසල් අතරට එක් වූ අභිමානවත් විද්‍යාලයක් බව සඳහන් කරමි.

පසුගිය දශකයට අධික කාල පරාසයක් තුළ විද්‍යාලය, අධ්‍යයන මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් කිසියම් පරිවර්තනීය යුගයක් සනිටුහන් කළ බව අවිවාදාත්මකය.

Principal Massage

 

Site visitors

We have 155 guests and no members online